නවීකරණය කරන ලද අනුරාධපුර සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හෙට සිට

පැයට කිලෝමීටර 100ක වේගයෙන් ධාවනය කළ හැකි නවීකරණය කරන ලද අනුරාධපුර සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හෙට (15) සිට ආරම්භ කිරිමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (13) මේ බව සඳහන් කළේ නවීකරණය කරන ලද එම දුම්රිය මාර්ගයේ චාරිකාවකට එක්වෙමින්.
මහව සිට ඕමන්ත දක්වා පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ 2019 වසරේ දියි.
2022 වසරේ නොවැම්බර් මස අවසන් කිරිමට නියමිතව තිබූ එම ව්‍යාපෘතිය මෙරටට බලපෑ කොවිඩ් සහ ආර්ථික අර්බුද හමුවේ තාවකාලිකව නතර කෙරුණා.