ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු සබරගමු පළාතේ රෝහල් කිහිපයකට විදුලිය විසන්ධි කිරීමේ අවදානමක්

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු සබරගමු පළාතේ රෝහල් කිහිපයක හිඟ විදුලි බිල්පත් පියවීමට අද වන විට කටයුතු නොකළහොත් විදුලිය විසන්ධි කිරීමට සිදු වන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මේ මස 4 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාළ දැනුම් දීම සිදු කර ඇති බව සදහන්.

අදාළ ලිපියේ පිටපත් රත්නපුර මහ රෝහලේ සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ බලධාරීන් වෙත මෙන්ම රත්නපුර සහ රුවන්වැල්ල විදුලි ඉංජිනේරුවන් වෙතද යොමු කර තිබෙනවා.

නියමිත දිනට විදුලි බිල් නොගෙවන්නේ නම් එම පරිශ්‍රයන්ට ලබා දී ඇති විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ ද අදාළ රෝහල්වල අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන යළි විදුලි සැපයුම ලබාදුන් බවද එම ලිපියේ සදහන්.

කෙසේ වෙතත් මේ වන විට අදාළ හිඟ මුදල විශාල ලෙස ඉහළ යාම නිසා එසේ කිරීමට හැකියාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *