ශෙනුෂී තමාෂා ලක්මව රනින් සරසවයි

Lion City Cup Karate Champion Ship – 2023 තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශෙනුෂී තමාෂා ක්‍රීඩිකාව අවුරුදු 15 න් පහළ ” කාතා ” ඉසව්වෙන් රන් පදක්කමත් , ” කුමිතෙ ” ඉසව්වෙන් රිදී පදක්කමත් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ සිංගප්පූරුවේදී රටවල් අටක් අභිබවා යමින් බවයි වාර්තා වන්නේ.
මෙම සිසුවිය මිරිස්වත්ත කැප්පෙටිපොල මහ විදුහලෙහි 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ ශිෂ්‍යාවක්.
කෙසේ වෙතත් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේ උපහාර පිදීමේ උත්සවයක් එම විදුහල්පතිනී ශාන්තී විජේසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියේ