අධ්‍යාපනයේ වැටුප් විශමතා ඉවත් කිරීම තව මාස දෙකකින්

සුසිල් ප්‍රේමජයන්ත

ඉදිරි මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම ඉදිරියේ දී නඩු කටයුතු පිළිබඳ සමතකරණයකට එළඹීමෙන් පසු, පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පැවැත්වීමට හැකියාවක් පවතින බාවයි අමාත්‍යතුමන් ප්‍රකාශකර සිටියේ.

ප්‍රතිඵල අනුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් ගුරු වෘත්තීයට බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යතුමන් පවසා සිටින්නේ.

බඳවාගත් පසු ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියා.

එමගින් පාසල් කළමනාකරණයට අවශ්‍ය මානව සම්පත ද ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, ඉදිරි මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගැඹුරු මට්ටමින් සාකච්ඡා පවත්වන අතර, මේ වන විටත් අදාළ වෘත්තීය සංගම් සමග ඉතා සුහද මට්ටමින් කටයුතු සිදු කෙරීගෙන යන බවයි අමත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *