13වැනි දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව තුන් වන තැනට

මාලදිවයිනේදී පැවැති 13වැනි දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාව ලැබුණා.
ඒ රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් සමස්ථ පදක්කම් 6කට හිමිකම් කියමින්.
ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් 6 දෙනාම මෙවර තරගාවලියේදී කුමන හෝ පදක්කමක් දිනා ගැනීම කැපී පෙනුනා.
තරගාවලියේ සමස්ථ ශූරතාව ඉන්දියාව දිනා ගනිද්දී අනුශූරතාවට හිමිකම් කිවේ මාලදිවයින කණ්ඩායමයි.