මහ කන්නයේ සිට පොහොර මිල දී ගැනීම සඳහා වව්චර් පත් නැහැ

පොහොර

එළඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා වව්චර් පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙවර යල කන්නයේ දී රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වව්චර් පතක් බෙදා හරිනු ලැබුවා.

එලෙස බෙදූ වව්චර් පත් වල වටිනාකම රුපියල් බිලියන 11ක්.

කෙසේ වෙතත් වව්චර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමිනුයි මීලඟ කන්නයේ සිට ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *