පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (11) දින සවස් කාලයේදී උහන පොලිස් වසමේ වෑරන්කැටගොඩ ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරන බවට උහන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුව ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 34 ත් අතර වයස්වල පසුවන වෑරන්කැටගොඩ හා ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (12) වන අද දින අම්පාර මහේසත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.