නොවැක් ජොකොවිච් තවත් ලෝක වාර්තාවක් සම කරයි

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය මේ දිනවලදී උණුසුම් ලෙසින් එංගලන්තයේ ලන්ඩන් නුවරදී ක්‍රියාත්මක වනවා.
පිරිමි අර්ධ අවසන් පුර්ව තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ රුසියාවේ අන්ඩ්‍රේ රුබ්ලෙව් තරග බිමට පිවිසියා.
තියුණු තරගයකින් පසු තරග වට 3ට එකක් ලෙස ජය ගත් ජොකොවිච් අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ ලකුණු සටහන කියවී තිබුණේ 6ට 4ක්, 1ට 6ක් ,4ට 6ක් සහ 3ට 6ක් ලෙසටයි.
ඒ 46 වැනි වරටත් ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් තරගාවලියක අවසන් පුර්ව තරගයක් සදහා සුදුසුකම් ලබා ගනිමින්.
මේ සමග වැඩිම වාරගණනකදී ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් අවසන් පුර්ව තරගයක් සදහා සුදුසුකම් ලැබු පිරිමි ලෝක වාර්තාව සම කරන්නටත් ජොකොවිච්ට හැකියාව ලැබුණා.
ඒ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සමතැන් ගනිමින්.