ත්‍රී රෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.
අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම්වලට අනුව මෝටර් වාහන පනතට (203 අධිකාරිය)ට අනුකූලව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කර සිටින්නේ.
එමෙන් ම මෙම අනුමැතිය 2023.07.10 වැනිදා සිට බලාත්මක වන බවයි වාර්තා වෙන්නේ.
එම අනුමත ගාස්තු පහතින් දැක්වේ.