ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් පත් කෙරේ

ජනාධිපති

ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් එකේ එක ව්‍යාවස්ථාවේ විධිවිදාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ජනාධිපති ජ්‍යේෂඨ සහකාර ලේකම්වරුන්, ජනාධිපති සහකාර ලේකම්වරුන්, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිළධාරීන් පිරිසක් පත් කළ පිරිසට ඇතුළත් බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *