අස්වැසුම අභියාචනා මිලියනයට වැඩි ප්‍රමාණයක් ලැබෙයි

අස්වැසුම

අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති අතර වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවයි ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *