අරුණ සහ රාජකරුණා අද තරග බිමට

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වුණා.
අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තරගබිමට පිවිසෙන්නට සැරසෙද්දී පිරිමි මීටර් 400 මුලික වටයේ තරග උදෑසනින්ම
ක්‍රියාත්මක වුණා.
එහිදි මුලික වටයේ පළමු තරගයට එක් වු රාජිත රාජකරුණා එම තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබා
ගත්තා.
ඔහු තරගය නිමා කළේ තත්පර 46යි දශම 52කින්.
මුලික වටයේ සිව්වැනි තරගයේදී අරුණ දර්ෂන තරග බිමට පිවිසියා.
තත්පර 46යි දශම 56කින් තරගය අවසන් කළ අරුණ එහි දෙවැනි ස්ථානය දිනා ගනිමින් අද පස්වරුවේදී පැවැත්වෙන මීටර් 400 ඉසව්වේ අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.
අරුණ සහ රාජකරුණා තරගවදින මීටර් 400 අවසන් පුර්ව තරගය අද පස්වරු 4.25ට පැවැත්වීමට නියමිතයි.