අතපත්තු සහ සමරවික්‍රමගේ වාර්තාගත සබඳතාවයෙන් ජය ශ්‍රී ලංකාවට

චමරි අතපත්තු

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පිල ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 14.3 කදී කිසිවකු නොදැවී රැස්කිරීමට සමත් වුනා.

එහිදී චමරි අතපත්තු පන්දු 47 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වුනා.

හර්ෂිතා මාධවී පන්දු 40 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස් කළා.

නවසීලන්තය මෙම තරගාවලියේ පළමු තරග දෙක ජය ලැබීම නිසා 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබුවා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 140 (සුසී බාටිස් 37, සොපී ඩෙවිනේ 46, සුගන්දිකා කුමාරි 23/2, ඉනෝකා රණවීර 15/3) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඒවර 14.3 කදී කිසිවකු නොදැවී 143 (හර්ෂිතා මාධවී නොදැවී 49, චමරි අතපත්තු නොදැවී 80)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *