EPF ගෙවීම පැහැර හැර ඇති වැවිලි සමාගම්වලට අවවාද

වැවිලි සමාගම් කිහිපයක් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වෙනවා.
විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ හිඟ මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවයි.
දී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් වතු ක්ෂේත්‍රයේ සමාගම් විසින් ගෙවන ලද මුදල් රුපියල් මිලියන් 700ක ප්‍රමාණයක් ගිණුම්ගත් කිරීමට ද නොහැකි වී තිබෙනවා.
ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපහි වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් දී ඇත්තේ සේවකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් සහ වර්තමාන ගෙවීම් ක්‍රමානුකූලව සිදු කරන ලෙසයි.