ෆුඩ් ෆෙස්ටිවල් සැණකෙළිවල ආහාර ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධානයෙන්

ෆුඩ් ෆෙස්ටිවල්

“ෆුඩ් ෆෙස්ටිවල්” නමින් මේ දිනවල සංවිධානය කර ඇති ආහාර සැණකෙළි පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කර උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන් කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ මෙම සැණකෙළිවලදී විවිධ ආකාරයේ ආහාර සකසා ජනතාවට පරිභෝජනය සදහා ලබා දෙන බවයි. නමුත් ඒවා නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගැටළු පවතින බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *