ස්වීඩනයටත් නේටෝ සාමාජිකත්වය හිමිවන ලකුණු

ස්වීඩනය

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එකඟ වී තිබෙනවා.

මීට පෙර ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ දී තුර්කිය සිය විරෝධය පළ කළා.

කෙසේ වෙතත් තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි, ඔවුන් ඊට අදාළ එකඟතාවට පැමිණ ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.

ඒ අනුව නේටෝ සාමාජිකත්වය ලබා ගන්නා 32 වන රට බවට ස්වීඩනය පත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *