පුරාවස්තු සොයා කැණීම් කළ පස් දෙනෙක් අතඩංගුවට

මහඔය, බෝංචිගොඩ ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (10) කැණීම් උපකරණ, පූජා භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 41ත් අතර වයස්වල පසුවන තැපැල්පොළ, තේක්කවත්ත හා මහියංගණය ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අද (11) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.