පාකිස්ථාන ගංවතුරෙන් 86 ක් මරුට
පාකිස්ථානයට දින කිහිපයක සිට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. පසුගිය පැය 24ක තුල පමණක් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
මේ අතර ඉන්දියාවට බලපා ඇති ගංවතුර සහ වැසි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස් ඇති අතර වැඩි බලපෑමක් ඇති වී ඇත්තේ හිමාචල් ප්‍රදේශයටයි. වැසි සහ ගංවතුර හේතුවෙන් ජපානයේද පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.