නීතිවිරෝධී ලෙස කුවේට් හී රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යලි දිවයිනට

කුවේට් හී ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද(11) අලුයම යලි දිවයිනට පැමිණ තිබෙනවා.
මොවුන් අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයින් බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැදී සිට ඇති අතර, පසුව ඔවුන් විවිධ රෝග වලට ගොදුරුවීම ඇතුළු ගැටළු හේතුවෙන් මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.
ඒ අනුවයි ඔවුන් මෙලෙස යලි දිවයිනට එවා ඇත්තේ.
එමෙන්ම තවත් 2,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ඒම සඳහා කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.