දසුන් ශානක මේජර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ඇමෙරිකාවට

දසුන් ශානක

මේ මස 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිත මේජර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන දසුන් ශානක සිම්බාබ්වේ සිට අදාළ තරගාවලිය බලා පිටත්ව යාමට නියමිතව බව සඳහන් වෙනවා.

එහිදී දසුන් ශානක සීට්ල් ඔර්කාස් කණ්ඩායම නියෝජනය කරනු ඇත. දසුන් නියෝජනය කරන එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන් වන ඇමරිකාවේ පදිංචි ශෙහාන් ජයසූරිය සහ ඇන්ජලෝ පෙරේරාද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා.

අදාළ තරගාවලිය සඳහා මීට පෙර වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ වැනි ක්‍රීඩකයන් තෝරගෙන තිබුණද ඔවුන් ඒ සඳහා සහභාගි නොවන බව සඳහන් වෙන්නේ.

මේ අතර අදාළ තරගාවලිය සීට්ල් ඔර්කාස් කණ්ඩායමට අමතරව ටෙක්සාස් සුපර් කිංග්ස්, ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස්, එම්. අයි. නිව්යෝර්ක්, සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝර්න්ස් සහ වොෂින්ග්ටන් ෆ්‍රීඩම් යන කණ්ඩායම් 07ක් සහභාගි වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *