තුන්හෙළ ජන ගී කල්ලියට ඉන්දියාවේදී ජයක්

තුන්හෙළ ජන ගී කල්ලිය

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 06 වැනි ජාත්‍යන්තර ජන සංගීත සහ නර්තන තරඟාවලියේදී හොඳම ප්‍රාසාංගික කණ්ඩායම ලෙස “තුන්හෙළ ජන ගී කල්ලිය” ජයග්‍රහණය ලබා තිබෙනවා.

මෙම තරඟාවලියට ඉදිරිපත් වූ රටවල් 13 ක් අභිබවා එම ජයග්‍රහණය ඔවුන් ලබා ඇත්තේ මෙරටට ආවේණික දේශීය නර්තන අංග, ජන ගී ගායනා සහ බෙර වාදන ඉදිරිපත් කරමින්.

කොළඹ – මාදිවෙල පසිදු කලායතනය සහ නාරාහේන්පිට පමෝදා කලායතනය නියෝජනය කරමින් අවුරුදු 03 සිට අවුරුදු 51 දක්වා නර්තන සහ ගායන ශිල්පීන් 36 දෙනෙකු මෙම කණ්ඩායම නියෝජනය කරමින් තරඟාවලියට එක් වී තිබෙනවා.

ජයග්‍රහණය ලබාගත් ඔවුන් අද අලුයම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *