ජන හා නිවාස සංගණනයකට ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතුයි.
මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීයි.