කෝටි 3කට ආසන්න ස්වරණාභරණ තොගයක් ගුවන්තොටුපළේදී රේගු භාරයට

ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් රුපියල් දෙකෝටි අසූ ලක්ෂක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙනවිත් අලෙවි කරන අවුරුදු 44ක් වයසැති කොළඹ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායකට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන් මලු වල තිබී කිලෝ එකයි ග්‍රෑම් 780ක් බරැති මෙම ස්වර්නාභරණ තොගය හමුවී තිබෙනවා.
මේ අතර කිලෝග්‍රෑම් 5ක බරැති රන් සහිත ජෙල් ද්‍රාවණයක් සිය සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළේ බදු රහිත සාප්පු සංකීර්ණ සේවිකාව ඇප මත මුදාහැර තිබෙනවා.
මීගමුව අතිරේක මහේත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මෙලෙස මුදහැර ඇත්තේ.
පසුගිය 04 වනදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 24 වයසැති තරුණියක්