අස්වැසුමේ අභියාචනා සහ විරෝධතා ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයට

අස්වැසුම
අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව අවසන් වීමත් සමඟ එම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට නියමිත බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව මේ වනවිට ඉදිරිපත් වී ඇති අභියාචනා සංඛ්‍යාව නවලක්ෂ 59,109ක් වන අතර විරෝධතා 16,322ක් ලැබී තිබෙනවා.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් කියා සිටියේ කිසියම් ප්‍රදේශයක අභියාචනා ලබා ගැනීමට කටයුතු කර නැත්නම් ඒ පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකි බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල රැකගැනීම සඳහා ඊයේ සිට දීපව්‍යාප්තව ඒකාබද්ධ විරෝධතා මාලාවක් වරාය අධිකාරිය ඉදිරිපිට පිහිටි කාන් ඔරලෝසු කණුව අසළින් ආරම්භ වුණා.

ඒ, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සහ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරයේ මැදිහත්වීමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *