තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් සෘජු ගුවන් ගමන් සේවාවක්

ගුවන් ගමන්

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරුණා.

එහි සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (09) රාත්‍රි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව් 140 දරන යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් ගමන සඳහා ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන තිබූ අතර එහි මගීන් 134 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටියා.

මෙම යානය මගින් 174 දෙනෙකු රැගෙන යළි කටුනායකින් තායිලන්තය බලා ගමන් කිරීමට නියමිතයි.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කෙරෙන අතර එය සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල දී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *