අස්වැසුම අභියාචනා කාලය අදින් අවසන්

අස්වැසුම

අස්වැසුම සුබසාධන වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

ඒ අනුව එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය දින කිහිපය තුළදීම අස්වැසුම සුබසාධන වැඩසටහනට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණේ, ඇතැම් පාර්ශවයන්ගේ නම් ඊට ඇතුළත් කර නොමැති බව පවසමින්.

ඒ අනුවයි රජයේ පාර්ශවය අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අද (10) දිනය දක්වා කල් ලබා දුන්නේ.

ලැබුණු අභියාචනා පරික්ෂා කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් ද පත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *