අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට ළඟාවෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලන්ඩනයට ළඟාවී තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ තුන්වන චාල්ස් රජු මුණගැසීමේ අරමුණින්.

ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවකට සහභාගිවීම සඳහා යන අතරතුරයි ඔහු බ්‍රිතාන්‍යය වෙත පැමිණ ඇත්තේ.

පළමුව ඇමරිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රිෂී සුනක් සමඟ සාකච්ඡාවකට සහභාගිවීමට නියමිත අතර, ඉන් අනතුරුවයි වින්ඩ්සර් මන්දිරයේදී තුන්වන චාල්ස් රජු මුණගැසීමට සැළසුම් කර ඇත්තේ.

නේටෝ සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පින්ලන්තයට යාමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *