අපේක්ෂා රෝහලේ වියළි ආහාර සොරකම් කළ දෙදෙනෙකු දැලේ

අපේක්ෂා රෝහල

මහරගම අපේක්ෂා රෝහලේ වියළි ආහාර ද්‍රව්‍ය සොරකම් කළ බව කියන එම රෝහලේම අරක්කැමියන් දෙදෙනෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සඳහා රෝහලේ මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර කාලයක් තිස්සේම අස්ථානගත වී ඇතැයි රෝහලේ පාලනාධිකාරිය විසින් පොලිසියට පැමිණිලි කළ බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ක් හා 54ක් වන හෝමාගම හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංඟුවට ගැනීමට මහරගම පොලිසිය විමර්ශනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *