ශ්‍රී ලංකා – කොදෙව් තරගය අද

ලබන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) හරාරේහිදී පැවැත්වෙනවා.

සුදුසුකම් ලැබීමේ තරගවලදී කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ වරම් අහිමි වුණා.

අද (07) පැවැත්වෙන තරගයට කොදෙව් ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ජේසන් හෝල්ඩර් සහ අල්සාරි ජෝෂප් සහභාගි වන්නේ නැහැ.

මේ අතර ස්කොට්ලන්තයේ බලාපොරොත්තු බිඳ දමමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නෙදර්ලන්තය ඊයේ (07) සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

එම ඉලක්කය නෙදර්ලන්තය විසින් කඩුලු හයක් දැවී සපුරා ගත්තේ පන්දු වාර 42යි පන්දු 5ක් තුළදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *