විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ මෙරට ප්‍රධාන නියෝජිතයින් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඊයේ (06) පැවති මෙම සාකච්ඡාවට එක්වූ බවයි.
එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් සහය ලබා දෙන බව මෙම සංවර්ධන ආයතන ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය මගින් සංවර්ධන නියෝජිත ආයතන සමග සාකච්ඡාකර අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය ලබා ගනිමින් ඉදිරි සැළසුම සහ නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරනු ඇති.
නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලද සැනින් එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.