වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටවෙයි

එතෙර රැකියා

ගෙවී ගිය වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් එතෙර රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා.

පුද්ගලයින් 150,000 කට අධික සංඛ්‍යාවක් මෙලෙස එතෙර රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

එමෙන් ම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සඳහා පිටත්ව යනු ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කොට සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *