ලිහිසි තෙල් මිල අඩු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඊයේ (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් ලිහිසි තෙල් මිලද අඩු කළ හැකි බවයි.