ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි ශ්‍රී ලංකාවට

මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට බාර දීමට නෙදර්ලන්ත රජය කැමැත්ත පළකර තිබෙනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ නිල නිවේදනය නෙදර්ලන්ත රජය විසින් ඊයේ (06) නිකුත් කළ බවයි.
රනින් සහ රිදියෙන් නිමකළ කොපුව සහිත කස්තාන දෙකක්, රනින් නිමකළ පිහියක්, මහතුවක්කු 2ක් සහ ලෙවුකේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැළකෙන කාල තුවක්කුවක් මීට අයත්.
1765 වසරේ ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාව වටලන අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් මේවා රැගෙන ගොස් ඇති අතර, දැනට මෙම කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ රිජ්ක්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.