යාපනය විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙකු තෝරා ගැනීමේ දී ගැටළුවක්

යාපනය විශ්ව විද්‍යාලය සදහා නව උපකුලපතිවරයෙකු තෝරා ගැනීම සදහා ජූලි මස 12 වෙනිදා පැවැත්වෙන සභාවාරයේ සාමාජිකයින්ට නිර්නාමික දුරකතන පණිවුඩ ඔස්සේ මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබෙනවා.
දුරකතන ඇමතුම් ලබා ගන්නා ඇතමෙකු ඔවුන් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාන් බව පවසා මේ අවස්ථාවේ දී නව උපකුලපතිවරයා විය යුත්තේ මෙවැනි පුද්ගලයෙකු බවට නම් යෝජනා කරණ බවත් එය එසේ නොවුවහොත් ආරක්ෂක අංශ වලින් විවිධ කරදර වලට මුහුණ දීමට සිදු විය හැකි බව ප්‍රකාශ කරණ බවත් දුරකතන ඇමතුම් ලැබුණු පිරිස් ප්‍රකාශ කරනවා.
යාපනය විශ්වවිද්‍යාලය සදහා නව උපකුලපතිවරයෙකු තෝරා ගැනීමට ලැබුණු අයදුම්පත් අතරින් අවසන් අදියරයට නම් හතරක් යෝජනා වී ඇති අතර ඊට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියද හිමිව තිබෙන අතර යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන විශේෂ සභාවාරයකින් පසුව එක් අයෙකුගේ නම යෝජනා කොට එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් අනතුරුව ජනා ධිපතිවරයා ගේ නිර්දේශය මත උපකුලපතිවරයා තෝරා පත් කරගනු ලබනවා.
ජූලි මස 12 වෙනිදා යාපනය විශ්ව විද්‍යාලයේ දි පැවත්වෙන එම සභා වාරයට සහභාවී වීමට නියමිත සභිකයින්ට මේ අන්දමට නිර්නාමික දුරකතන ඇමතුම් ලබෙන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අංශ වලට පැමිණිලි කොට නොමැති අතර යාපනය විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව උපකුලපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවක මෙවැනි බලපෑම් හා මරණීය තර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙය බව යාපනය විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරියේ නිලධාරියෙකු අප වාර්තාකරු සමග පවසා තිබෙනවා.