ධනංජය සහ වනිදු අද තරගයෙන් ඉවත් වෙයි

ලබන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) හරාරේහිදී පැවැත්වෙනවා.
අද තරගය තුළ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ධනංජය සහ වනිදු හසරංග විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත තරගයට කැඳවා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් සුළු ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා විවේක ගැන්වීමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.