මෝදි ඇමරිකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ඇමරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
දෙරට අතර පවතින සබදතා පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකාව තුළ පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සංචාරය යෙදෙන පළමු අවස්ථාව මෙය වන අතර ඉන්දියානු රාජ්‍ය නායකයෙකු ඇමරිකාවේ සිදු කෙරෙන තුන්වන රාජ්‍ය සංචාරය ද මෙය වනවා.
මෙම සංචාරය අතරතුර දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ඉහළ නැංවීමට මෙන්ම රටට ඔරොත්තු දෙන ගෝලීය සැපයුම් දාමයන් ගොඩනැගීම සඳහා ඇති අවස්ථා පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අග්‍රාමාත්‍ය මෝදි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වීමට නියමිත අතර පසුව ධවල මන්දිරය තුළ දී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර අගමැති මෝදි ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතයි.