දූෂණ විරෝධී කෙටුම්පත අද විවාදයට

පාර්ලිමේන්තුව
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංශෝධන යෝජනාද ඊයේ ඉදිරිපත් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ ලිංගික අල්ලස් පිළිබඳ සංකල්පය දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම ගැන තම සංසදය ප්‍රසාදය පළ කරන බවයි.

කෙසේ වෙතත් අද විවාදයට පෙර සංශෝධනය විය යුතු ප්‍රමුඛතා දෙකක් හඳුනාගෙන ඇති බවද මන්ත්‍රීවරිය කතානායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

ඉන් පළමුවැන්නේ සඳහන්ව ඇත්තේ ලිංගික අනුග්‍රහය යන වචනය වෙනස් කර එය ලිංගික අල්ලස් යන යෙදුම ආදේශ කරන ලෙසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *