කොළඹ සහ දෝහා කටාර් ගුවන් ගමන් වැඩි කරයි

හෙට සිට කටාර් ගුවන් සේවය දෛනිකව කොළඹ සහ දෝහා කටාර් වෙත සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව පහ දක්වා වැඩිකර තිබෙනවා.
එසේම අද සිට සීෂෙල්ස් සහ කොළඹ දක්වා එයාර් සීෂෙල්ස් ගුවන් යානා ගුවන් ගමන් ආරම්භ කරන බවයි ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ.
දැනට කටුනායක සහ කටාර් අතර සතියකට ගුවන් මගීන් 21,000 ක් පමණ ගමන් කරනවා.