ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණනක ඖෂධ මෙරටට

ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසිනුයි ඊයේ මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත බාර දෙනු ලැබුවේ.
ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටිස්, දියවැඩියාව හා වේදනානාශක ඇතුලු ඖෂධ වර්ග 32 ක් ඊට ඇතුළත්.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වැටී ඇති අසීරු අවස්ථාවන්හිදී උපකාර කළ සියලුම මිතුරු රටවල්වලට කෘතඥතාව පළ කරන බවයි.