පොහොර සහ වවුචර්පත් ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

කෘෂිකර්ම අමාත්‍යංශය

පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්වරයාට 071 – 764 90 54 යන දුරකථන අංකය මගින් දැනුම් දිය හැකියි.

එසේම, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය වෙත 077 – 34 97 565 යන දුරකථන අංකය මගින් පොහොර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *