කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දිනය අදයි

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දිනය අදයි
ඊයේ (19) රාත්‍රියේ පෙරහර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායි අවසන් වීමට නියමිතයි.
මේ අතර යාපනයේ සිට සෙල්ලකතරගම දක්වා වාර්ෂිකව සිදු කරන පාද යාත්‍රාව සදහා සහභාගී වන බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැළසීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බැතිමතුන්ට වෛද්‍ය පහසුකම්, ජීවිතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙනු ඇති.