අමෙරිකානු රාජ්‍ය ලේකම් චීන ජනපති හමුවේ

ඇමරිකානු චීන

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (19) චීන ජනපති ෂී ජිං පින් හමුවුණා.

මෙම හමුව ඓතිහාසික එකක් බවයි විදෙස් මාධ්‍ය දක්වා තිබුණේ.

රාජ්‍ය ලේකම්වරයා චීන ජනපති හමුවන බවට ප්‍රකාශ කර තිබුණත් එය අවිනිශ්චිත තත්ත්වයකයි පැවතුණේ.

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු චීනයට පැමිණියේ වසර 05කට පසුවයි.

මෙම හමුවේ දී දෙරටට බලපාන ආර්ථික ගැටළු, මෙන්ම ඇමරිකානු දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් චීනයට එල්ල කරනු ලබන චෝදනා ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *