ඉන්දියාවේ අධික උණුසුමෙන් මිය ගිය ගණන 96 දක්වා ඉහළට

ඉන්දියාවේ පවතින අධික උණුසුම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන උත්තර් ප්‍රදේශ් සහ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයෙන් මෙම මරණ වාර්තාවන අතර, බොහෝ පිරිසක් වයස අවුරුදු 60ට වැඩි පිරිස් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම අධික උණ, වමනය, පාචනය සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් 300කට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
එම ප්‍රාන්තයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.