ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගය ලකුණු 198කින් ජය ගනී

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඇමරිකාව සමඟ ඊයේ (15) පැවති දෙවන පුහුණු තරගය ලකුණු 198කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

බුලවායෝහි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 392ක් රැස්කළා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 111යි.

ඇමරිකාව පන්දුවාර 33යි පන්දු 2කදී සියලු‍ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 194ක් පමණයි.

මතීෂ පතිරණ ලකුණු 23කට කඩුළු 4ක් බිඳ හෙලු‍වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *