මෝදර ධීවර වරායේ නඩුව කල් යයි

මෝදර ධීවර වරාය

මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජුලි මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා අධිකරණයේ පෙනී සිටියා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අද දින භාර දෙන බව සඳහන් කළා.

එම ලේඛන අධ්‍යයනය කර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරනයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 13 ද කැඳවන ලෙස විනිසුරු වරයා නියෝග කළා

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *