ජයවර්ධනපුර සරසවි සිසුවෙකු අභිරහස් ලෙස මරුට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකදී සිසුවකු සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා.

එම ශිෂ්‍ය නේවාසිකාගාරය මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එහි බිම් මහලේ මෙම සිසුවා ලණුවක් ආධාරයෙන් ගෙල සිර කර ගෙන ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64ක් පමණ නේවාසිකව සිටින බවත් තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම සිසුවා ගෙල වැලලාගෙන සිට්න බව දැක ලණුව කපා දමා ඇති බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවාගේ මවුපියන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි. එම නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මහරගම පොලිසිය විසින් සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *