5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 15 වැනි දින පැවැත්වෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව අද (15) සිට ජූලි 06 දක්වා අයදුම්පත් කැඳවනු ලබන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව සඳහන්.