ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ මෙම සාකච්ඡාව සුහදශීලී මට්ටමකින් සිදුවූ බවයි.
ඊට තමන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගී වූ බව ඔහු සදහන් කළා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර මෙහි දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ, තමන් ඇතුළු පොදුජන පෙරමුණ මෑත ඉතිහාසයේ දී ජනාධිපතිවරු කිහිපදෙනෙකු සමග වැඩ කළ බවයි.
කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක හා ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් ජනාධිපතිවරයා සතුව ඇති බව ද ඔහු එහිදී සදහන් කර තිබෙනවා.