ලාංකිකයන් 270කට තායිලන්තයේ තාවකාලික පැවිද්ද

සියම් මහා නිකාය මෙරට පිහිටුවා වසර 270 ක් සපිරීම නිමිත්තෙන් ලාංකිකයන් 270 දෙනෙක් තායිලන්තයට කැටුව ගොස් තාවකාලික පැවිදි උපසම්පදාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ තායිලන්තයේ වියැංමායි පළාතේ මෑ ආයි නගරයේ තම්බෝන් ගමෙහි පිහිටි වට් පා සොම්ඩෙට් ප්‍රා ඤාණ වජිරෝඩො විහාරස්ථානය විසින් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම පිරිසට මාස හතරක කාලයක් තාවකාලික පැවිද්ද ලබාදී ධර්මාවබෝධය ලබා දීමට නියමිතයි.
අදාළ සංචාරය සඳහා එක්වන කණ්ඩායමෙන් 50 දෙනෙක් සඳහා පෙර පුහුණු වැඩ සටහනක් ඉකුත්දා මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වා තිබෙනවා.
නාමල්දෙනියේ ධම්මසුමන හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ බවයි වාර්තා වූයේ.
කෙසේ වෙතත් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වන ලාංකිකයන් පිරිස ජුලි 25 වැනිදා තායිලන්තය බලා පිටත්වීමට නියමිතයි.