නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගයක් විනාශ කෙරේ

දුම්වැටි
නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි කූරු මිලියන 203ක් අද විනාශ කර දමන බව වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව සහ ලංකා දුම්කොළ සමාගම (CTC) එක්ව මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම නීතිවිරෝධී දුම්වැටි තොගය මෙය බවයි වාර්තා වන්නේ.

2021 වසරේදී රුපියල් බිලියන 9.7ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබූ මෙම දුම්වැටි තොගය කන්ටේනර් 21ක අසුරා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

දේශීය අපනයනකරුවකුට ඩුබායිහි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයකුගෙන් මෙම හොර බඩු ලැබී ඇති අතර, එම හොර බඩු නෙදර්ලන්තය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු ගමනාන්ත රැසකට නැවත නැව්ගත කිරීමට නියමිතව තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සරත් නෝනිස්, විෂයභාර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගේ නිරීක්ෂණය යටතේ අද පෙරවරුවේ මුතුරාජවෙල පිහිටි අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේදී මෙම දුම්වැටි විනාශ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *